- සෝවියට් දේශයේ ඔත්තු බැලීමට ගොස් වැඩ වරද්දා ගත් ලෝක බලවතා
දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමගම එකිනෙකා පරයා
නැගී සිටීම සඳහා සෝවියට් සංගමය හා ඇමරිකාව අතර දැවැන්ත තරගයක් නිර්මාණය වෙනවා. 1991 දී සෝවියට්
සංගමය බිඳවැටෙනතුරු මෙම විරසකය දරනු ලෙස පැවැති අතර එම කාලසීමාව සීතල යුධ සමය ලෙස
හඳුන්වනවා. සීතල යුධ සමය තුළ රටවල් දෙක මුහුණට මුහුණලා සටනකට අවතීර්ණය නොවූ නමුත්
දෙරට අතර වරින් වර උණුසුම්කාරී අවස්ථා ඇති වෙනවා. ඉහල අහසේ සිට සෝවියට් දේශයේ
ඔත්තු බැලීම සිදු කළේ යැයි පවසමින් ඇමෙරිකානු ගුවන් යානයක් රුසියානු ගුවන් ආරක්ෂණ
බලකාය විසින් විනාශ කර දැමීම එවැනි එක් සිදුවීමක්. ඉතින් අද ලිපිය ඒ පිළිබඳවයි.
සෝවියට් දේශයේ ඔත්තු බැලූ ඇමරිකාව
![]() |
අමෙරිකානු ජනාධිපති ඩේවිඩ් අයිසන්හවර් |
ඇමෙරිකානු බුද්ධි මෙහෙයුම් කටයුතු සඳහා පකිස්ථානය
තුළ ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරක් ගොඩනැගීමට 1958 වසරේ දී එවකට
ඇමෙරිකානු ජනාධිපතිවරයා වන අයිසන්හවර් ඉල්ලා සිටිනවා. පකිස්ථානු අගමැතිවරයාගෙන් ඒ
සඳහා අවසර ලැබුණු අතර ඇමෙරිකාවෙන් ගුවන් ගත වෙන U-2 නම් ඇමෙරිකානු
ඔත්තු බලන යානා එහි ගොඩ බැස්වීමට සැලසුම් වෙනවා. විශේෂ කැමරා පද්ධතියකින් සමන්විත
වූ ලොක්හීඩ් U-2 යානා ඇමෙරිකාවෙන් ගුවන් ගත කර සෝවියට
දේශය හරහා පාකිස්ථානය වෙත ළඟා වීමට
සැලසුම් වෙනවා. මේ කාලය වන විට සෝවියට් සංගමය සතුව තිබූ ප්‍රහාරක යානාවලට ඹ-2 යානය තරම්
ඉහළින් ගමන් කළ නොහැකි බව CIA සංවිධානය විසින්
අනාවරණය කරගන්නවා. CIA සංවිධානය විසින්
සතුරු රේඩාර පද්ධතියට හසු නොවන ආකාරයට යානා කිහිපයක් සෝවියට් රුසියාවේ යුධ පර්යේෂණ
මධ්‍යස්ථාන කිහිපයකට ඉහළින් යැවීමට තීරණය කරනවා. එය වසර කිහිපයක් දිගින් දිගටම කළ
මෙහෙයුමක් බව සඳහන්.
සෝවියට රුසියාව සතුව පවතින න්‍යෂ්ටික ශක්තිය, බැස්ටික් මිසයිල තාක්ෂණයේ වර්ධනය හා ඔවුන් විසින් වැඩිදියුණු කරන ලද යුධ තාක්ෂණයේ තොරතුරු ගුවනේ සිට ලබා ගැනීම මෙහි මූලික අරමුණ වුණා. 1960 වසරේ අප්‍රේල් 9 වන දා සෝවියට් දේශ සීමාවට ඉහළින් ඔත්තු බැලීමට පැමිණි U-2 යානයක් රුසියානු ගුවන් ආරක්ෂණ බලකාය විසින් හඳුනාගන්නවා. ඊට පහරදීම සඳහා MIG-19 හා SU-9 යන රුසියානු ප්‍රහාරක යානා ගුවන් ගත වෙන අතර, මේ බව වටහා ගන්නා ඇමෙරිකානු ගුවන් නියමුවා වහා අසල රටක් වූ ඉරානයේ ගුවන්තොටුපළක් කරා තම යානය පහත් කරනවා. මෙම සිදුවීමත් සමඟ අප්‍රේල් මාසය පුරාවට සෝවියට රුසියාව හරහා පකිස්ථානය වෙත ගුවන් යානා යැවීම සිදුකරන්නේ නෑ.
U-2 වෙත එල්ල වූ සාර්ථක ප්‍රහාරය
![]() |
U-2 Spy |
1964 වසරේ මැයි 1 වනදා පකිස්ථානයේ
පේෂාවර්හි ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරේ සිට සෝවියට් රුසියාව හරහා ඔත්තු බලමින් හා
බුද්ධි තොරතුරු රැස්කරමින් නොර්වේ පිහිටි ඇමෙරිකානු ගුවන් කඳවුරක් වෙත යෑම සඳහා U-2 ගුවන් ගතවෙනවා.
යානය පැදවීම ෆැන්සිස් ගැරී නම් ඇමෙරිකානු ගුවන් නියමුවා විසින් සිදුකළ අතර පැය
නවයකින් පසුව ගමනාන්තය වෙත ළඟා වීමට සැලසුම් කර තිබෙනවා.
යානය රුසියාවේ ස්වෙඩ්ලොව්ස්කි ප්‍රදේශයට (වර්තමානය වන විට යේකැටරින්බර්ග් ලෙස හඳුන්වයි) ඉහළින් පියාසර කරන විට 1960 දී රුසියාව විසින් නිෂ්පාදනය කරන ලද S-75 Dvina නම් රුසියානු ගුවන් ආරක්‍ෂණ පද්ධතිය සක්‍රීය වන අතර වහා ගොඩබිම සිට ගුවනේ ඉලක්කවලට පහර එල්ල කරන මිසයිල කිහිපයක් ගුව්නට මුදා හැරෙනවා. එල්ල වූ දෙවන මිසයිලය යානයේ කොටසක ගැටෙන අතර මේ හේතුවෙන් යානය පාලනය අක්‍රිය වෙනවා. ඒ ක්ෂණිකව ක්‍රියාත්මක වෙන ගුවන් නියමුවා යානයෙන් ඉවතට පැන පැරැෂූටයක ආධාරයෙන් නිරුපද්‍රිතව රුසියානුවන්ගේ භූමිය වෙත ගොඩ බසිනවා. පසුව ඔහුව අත්අඩංගුවට ගැනීමට රුසියානු ආරක්ෂක අංශ සමත් වෙනවා.
ඇමරිකාවේ බොරුව
![]() | |
|
මැයි 5 වනදා එවකට සෝවියට් සංගමයේ නායකයා වූ නිකිතා කෘෂේව් විසින් තම හමුදාව ඔත්තු බැලූ ඇමෙරිකානු ගුවන් යානයක් බිම හෙලූ බව සඳහන් කරනවා. නමුත් ඔහු විසින් ඇමෙරිකානු ගුවන් නියමුවා අත්අඩංගුවට ගත් බව සඳහන් කරන්නේ නෑ. මෙම ප්‍රකාශයත් සමග එවකට ඇමෙරිකානු ජනාධිපතිවරයා වූ අයිසන්හවර් ප්‍රකාශයක් නිකුත් කරනවා. එය ඔත්තු බැලූ ගුවන් යානයක් නොවන බවත් නාසා ආයතනය විසින් කාලගුණ දත්ත ලබා ගැනීමට ගුවන් ගත කරන ලද සිවිල් ගුවන් යානයක් බවත් ඔහු සඳහන් කර සිටිනවා. නාසා ආයතනය විසින් මේ පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවන අතර එහිදී නාසා බලධාරීන් ප්‍රකාශ කරන්නේ තමන්ගේ යානාවක් එලෙස අතුරුදහන් වී ඇති බවයි. ඊට පිළිතුරු ලෙස රුසියාව විසින් කඩා වැටුණු ගුවන් යානයේ විනාශ නොවී තිබූ තාක්ෂණික උපකරණ හා අල්ලා ගත් ඇමෙරිකානු ගුවන් නියමුවා පිළිබදව තොරතුරු හෙළිකිරීම සිදුකරනවා. මෙසේ සත්‍ය හෙළි වීමත් සමග ඇමෙරිකාව වෙත තමන් විසින් ඔත්තු බැලීමේ ක්‍රියාවලියක නිරත වූ බව පිළිගැනීමට සිදුවෙනවා.
![]() |
සෝවියට් සංගමයේ නායකයා -
නිකිතා කෘෂෙව් |
ගුවන් නියමුවාට වසර දහයක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට සෝවියට් අධිකරණය විසින් ක්‍රියා කරනවා. නමුත් වසර දෙකකින් පසුව ඔහුව නිදහස් කිරීමට සෝවියට් සංගමය තීරණය කරනවා. ඒ සිරකරුවන් හුවමාරු කිරීමේ වැඩසටහනක් යටතේය.
දෙරට අතර සම්බන්ධතාවය තවත් අයහපත් වීම
![]() |
ගුවන් යානයේ කොටස් පරීක්ෂා කරන නිකිතා කෘෂෙව් |
මැයි පස්වනදා දෙරට නායකයන් ජිනීවාහි හමුවීමට
නියමිතව තිබුණත්, මෙම සිදුවීම හේතුවෙන් සෝවියට් නායකයා එම
සමුළුවේ පැයකට වඩා වැඩි කාලයක් රැඳී සිටින්නේ නෑ. සීතල යුධය සමය තුළ පැවැත්වීමට
නියමිත සාකච්ඡා අසාර්ථක වූයේ ඒ ආකාරයෙන්. ගුවන් යානයේ කොටස්, තාක්ෂණික උපකරණ
වල කොටස් හා ගුවන් නියමුවා පැළඳ සිටි
උපකරණ අදවන විට මොස්කව්හි රුසියානු යුධ කෞතුකාගාරයේ දකින්නට ලැබෙන අතර, ඇමෙරිකාව වෙත ලබා
දුන් ගුවන් යානයේ කොටස් කිහිපයක් මේරිලෑන්හි තාක්ෂණික කෞතුකාගාරයක තැන්පත් කර
තිබෙනවා.
සටහන - අසිංසල පෙරේරා
No comments:
Post a Comment