- ලෝකයේ දැනටත් විසඳගන්න බැරි වුන ඉන්ද්‍රජාලික මාතෘකාව!
පිරමීඩ කිව්වම ගොඩක් අයට මතක් වෙන්නේ ගීසාහි පිරමීඩ තුන පිළිබඳවයි නමුත් ජෝසර් පිරමීඩය ,බරීඩ් පිරමීඩය, ලේයර් පිරමීඩය,රෙඩ් පිරමීඩය වැනි පිරමීඩ සියයකට අධික ප්‍රමාණයක් ඊජිප්තුවේ තිබෙනවා. ඉතින් මෙච්චර පිරමීඩ තිබියදී ගීසාවේ පිරමීඩ ගැන පමණක් කතා කරන එක අපරාධයක් නොවේද, දැනට සොයාගෙන තිබෙන පැරණිතම පිරමීඩය තමයි සකාරා ප්‍රදේශයේ තිබෙන ජෝසර් පිරමීඩය.
![]() |
ගීසාහි පිරමීඩ |
කොහොම වුණත් පිරමීඩ ගැන අපට කතා කිරීමට අපහසුයි එකල ඊජිප්තුවේ තිබුණු සමාජ, දේශපාලන හා සංස්කෘතිය ගැන කතා නොකර.ඒ අනුව පුරාණ ඊජිප්තු සමාජය යනු දේව සංකල්ප වලින් පිරුණු තැනක්. පුරාණ ඊජිප්තු ආගමේ ඔසයිරිස්,හෝරස් ,තොත් ,මාට් ,උසරේට් වැනි දෙවිවරු හා දේවතාවියන් සිය ගණනක් සිටියත් ඔවුන් අතර ප්‍රමුඛතම අය තමයි රා, අයිසිස්, අමුත් හා ඔසයිරිස් කියන්නේ.
![]() |
gods of Egypt |
- රා කියන්නේ සූර්යයාට, ක්‍රමානුකූල භාවයට, රජවරුන්ට හා අහසට අධිපති.
- අයිසිස් ,ස්ත්‍රීත්වය හා නිර්මාණකරණය යන සංකල්ප මූලික කරගෙන නිර්මාණය වූ දෙවි කෙනෙක්.
ඉතින් මේ දෙවිවරු එක්ක ගනුදෙනු කරන මැදිහත්කරුව තමයි ඊජිප්තුවේ පාලකයා වෙන්නේ. මේ තනතුර තමයි පාරාවෝ ලෙස හඳුන්වනු ලබන්නේ. මුල්ම පිරමීඩය ඉදිකරපු ජෝසර් රජතුමත් මේ පාරාවොන්ගෙන් එක් අයෙක්. ඉතින් ජෝසර් රජ සමයේ (ක්‍රි:පූ2650-2670) ඉදිකරපු මෙම පිරමීඩයේ නිර්මාණය කර ඇත්තේ පඩිපෙළක ආකාරයටයි. මේ සඳහා හුණුගල් 40000 පමණ භාවිතා කර ඇති අතර පිරමීඩය 62.6m උසකින් යුක්තවේ
![]() |
දැනට හමුවූ පැරණිතම පිරමීඩය වන ජෝසර් පිරමීඩය |
ඒ අනුව බහුතර ඊජිප්තු පුරාවිද්‍යාඥයන්ගේ මතයට අනුව ජෝසර් රජු විසින් ආරම්භ කරනු ලබන මෙම පිරමීඩ ඉදි කිරීමේ සංස්කෘතිය ඉන් පසුව පත් වූ පාරාවෝ වරුන් විසින් දිගින් දිගටම පවත්වාගෙන ගිය අතර, එහි කූටප්‍රාප්තික අවස්ථාව ලෙස හඳුනාගත හැක්කේ ගීසාහි The Great පිරමීඩයෙ ඉදිවීමයි.
පිරමීඩ සියල්ලක්ම ඔටුන්නක් විදියට ගතහොත් ඒ ඔටුන්නේ අග්‍රමාණික්‍යය ගීසාහි The great පිරමීඩය ලෙස හඳුනාගත හැක.
- ඉතින් ඇයි මේ පිරමීඩ හැදුවේ
එක් අදහසක් තමයි, ඊජිත්තුවේ හිටපු පුරාණ ජනයා විශ්වාස කරා මරණයෙන් පසු ජීවිතයක් තිබෙන බව. අපේ මිනිස් සිරුර තුළ "කා" කියලා තවත් පුද්ගලයෙක් ඉන්නවා මරණයේ දේවතාව මිනිසාගේ මරණයෙන් පසුව මේ "කා" කියන දේ පාවිච්චි කොට නැවත ජීවත්වීමට අවස්ථාවක් දෙනවාද නැද්ද බවට තීරණයක් ගන්නවා, ඉතින් ඊජිප්තු රජෙකුගේ (පාරාවෝවරු) මරණයේදී මේ "කා" එළියට ගොස් නැවත කවදා හෝ එය එම රජුගේ සිරුරට ඒමේ සම්භාවිතාවක් පවතින බවට ඔවුන් විශ්වාස කරපු අතර රජ්ජුරුවෝ එක්කම රජුගේ සොහොන් භූමිය විදිහට, එකල පිරමීඩ නිර්මාණය කිරීමට කටයුතුකළ ආකාරයක් හඳුනාගත හැක.
![]() |
පිරමීඩයක් තුළ ඇති මමී බවට පත්කළ දේහ |
අනිත් අදහස තරමක් සංකීර්ණයි. එය මෙසේය, සූර්යයා බැඳී ඉන්නවා වත්මන් පාරාවෝ සමග. එනම් රාත්‍රියෙන් පසුව සූර්යා ඉහළ අහසට රැගෙන ඒමේ කාර්යය පැවරී ඇත්තේ පාරාවරුන්ට. එම පාරාවරුන් මැරුණහම නැවත ඔසයිරිස් කියන දෙවියෝ විදියට උපදින අතර, ඔහු තමයි මළවුන්ගේ ලෝකයට සහ අඳුරට අධිපති වෙන්නේ.
මේ ඔසයිරිස්ගේ කාර්යය තමයි සවස හිරු අවරට යැවීම. ඒ අනුව මේ වෙලාවේ පත්වෙලා ඉන්න පාරාවෝගේ කාර්යය සූර්යයා අහස මුදුනට රැගෙන එන එක වගේම එම පාරාවෝගේ මියගිය තාත්තාගේ කාර්ය තමයි එම මුදුනට රැගෙන ගිය සූර්යයා නැවත බස්සන එක. ඉතින් මේ මැරුණ පාරාවෝට එයාගේ වගකීමේ නිවැරදි ලෙස ඉටු කිරීමට තමයි පිරමීර ගොඩනගන්නේ. මොකද දන්නවද, ඊජිප්තු ජනයා විශ්වාස කරා මේ සූර්යයා ඉහළ අහසට රැගෙන ඒම හා බැස්සීම අතිශය වැදගත් කාරණාවක් බව.
- පිරමීඩ කොහොමද හැදුවේ
පිරමීඩ නිර්මාණය සම්බන්ධයෙන් විවිධ මතවාද රාශියක් දැකගත හැකි අතර, මේ සම්බන්ධව පුරාවිද්‍යාඥයෙන් ඉදිරිපත් කළ මතවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන පාර්ශවද කොතෙකුත් සිටිනවා. ග්‍රීක ඉතිහාසඥයෙක් වන හෙරඩෝටස් මෙම පිරමීඩ වහලුන් භාවිතා කරමින් ඉදිකළ බවට ප්‍රකාශ කරන අතර වත්මන් සාක්ෂිවලට අනුව එම ප්‍රකාශය අසත්‍ය බවට ඔප්පු වෙනවා.
මෙම පිරමීඩ පිහිටා තිබෙන්නේ නයිල් ගඟ ආශ්‍රිත කොට ගෙනය. ගංගාව අසල එම පිරමීඩ ඉදිකළ ජනයා සිටි ගම්මාන හමුවන අතර එහි ඇති රූපාක්ෂර හා වෙනත් පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව එම ජනයාට හොඳ ආහාරපාන හා නවාතැන් හිමිවී ඇති බවට සනාථ වෙනවා. මේ හේතුවෙන් පිරමීඩ ඉදිකළේ වහලුන් නොව තව මියගිය පාරාවෝ රජු උදෙසා ගෞරව දැක්වීමේ අරමුණෙන් යුක්ත ඊජිප්තු වැසියන් බව විශ්වාස කෙරෙන අතර ඒවා ඉදිකරන්නට අවශ්‍ය ගල් රටේ විවිධ පැතිවලින් නයිල් ගඟ ඔස්සේ ඉහළට රැගෙන ආ බවට ද සාක්ෂි සහිතව පැවසෙනවා.
ඇතැම් පුරාවිද්‍යාඥයින් පවසන ආකාරයට, ඊජිප්තු ජනයා ගල් ඔප දමා අනතුරුව පිරමීඩය වෙතට ඇති වෙනම මාර්ගයක් ඔස්සේ ඉහළට ප්‍රවාහනය කර ඇතැයි මත පල කරනවා. නමුත් එලෙස පාරක් භාවිතා කොට එම ගල් ඉහළට රැගෙන යා නොහැකි යැයි බොහෝමයක් දෙනා තර්ක කරනවා. අනිත් පුරාවිද්‍යාත්මක මතය වන්නේ, ජලය භාවිතා කොට මෙම සුවිසල් ගල් පිරමීඩය ඉහළට රැගෙන ගිය බවයි.මෙය විශාල වශයෙන් මතභේදයකට තුඩුදෙන කරුණක්. මේ හේතුවෙන් විවිධ මතවාද විවිධාකාරයෙන් පැවැතියත් ඒවාට ඇති ප්‍රති තර්ක බොහෝයි.
ඇතැම් පිරිසක් තර්ක කරන්නේ මේම පිරමීඩ ඉදිකරන්නට පෘථිවියෙන් පිට ජීවීන්ගේ බලපෑමක් එල්ල වී ඇතැයි යන්නයි. එයට හේතුව වශයෙන් එම ගල්වල විශාලත්වය සහ පිරමීඩ වල තිබෙන ජ්‍යාමිතික නිවැරදිභාවය සාක්ෂි දරනවා ඇතැම් රූපක්ෂවල තිබෙන විවිධ හඳුනා නොගත් යානා වැනි වස්තූන් මගින් ඒවා පෙනෙන බවට එම මත දරන්නන් තර්ක කරනවා. කොහොම වුණත් පිරමීඩ ඉදිකරන්නට එලෙස පිරිසක්වල ජීවීන් සහයෝගය දුන් බවට පුරා විද්‍යාතයෙන් විශ්වාස කරන්නේ නැහැ.
![]() |
වෙනම මාර්ගයක් භාවිතා කරමින් ගල් ඉහළට රැගෙන ගිය බවට මතයක් පවතිනවා |
- අතීත තාක්ෂණයත් එක්ක නූතන තාක්ෂණය ළදරුවෙක්ද
1958 වර්ෂය වන විට නයිල් ගඟ පිටාර ගැලීමත්, එයට විසඳුමක් වශයෙන් වේල්ලක් ඉදිකිරීමට අවශ්‍ය වීමත් නිසා ඊජිප්තුවේ ම පිහිටා ඇති ආබූසිම්බල් නම් දේවස්ථානය වෙනත් ස්ථානයකට රැගෙන යාමට අවශ්‍ය වුණා මෙම දේවස්ථානයේ තිබුණේ පාෂාණ කුට්ටිය 1900 ක් පමණය. මෙම පාෂාණ රැගෙන යාමට වසර පහක් ගත වුණා. එයට ඇමරිකානු ඩොලර් මිලියන 42 ක් වැයවී තිබෙනවා.මෙලෙස පාෂාණ 1900 ක් නූතන තාක්ෂණය භාවිතා කරමින් රැගෙන යාමට වසර පහක් ගත වූවානම් පාෂාණ මිලියන 2.3 ක් වසර 20-27 අතර කාලයක නිවැරදිව සැකසීමට භාවිතා වූ ක්‍රමවේදය සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් ඉස්මතු වුණා
![]() |
අබුසිම්බල් දේවස්ථානය |
ඒ අනුව මෙම පිරමීඩ මාතෘකා අද වන විට ඊජිප්තුවට අතිශය සංවේදී කාරණා බවට පත්ව තිබෙනවා. මෙම පිරමීඩ නිර්මාණය කළේ ඇයි? එම පිරමීඩ නිර්මාණයට වෙනත් අදිසි බලවේග සහය ලැබුණාද? යන කාරණාවලට ඊජිප්තු ජාතිකයන් වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ එයට හේතුව තම ජාතිය නිර්මාණය කළා යන නිර්මාණයක් ලෙස මේවා ඊජිප්තු වැසියන්ගේ සිත් තුළ පැවතීම බව ප්‍රසිද්ධ කාරණයක්. මේ හේතු නිසා පිරමීඩ ගවේෂණය කිරීමට පෙර තරම් අවස්ථාවක් ඊජිත්තුව තුළ නිර්මාණය වී නොමැති බව ප්‍රකාශ කිරීම නිවැරදියි. කෙසේ වෙතත් මෙතරම් වෙහෙස වී මෙතරම් කාලයක් ගෙන මෙම පිරමීඩ නිර්මාණය කළේ පාරාවෝ රජවරුන්ගේ දේහයන් තැන්පත් කිරීමට පමණක්ම නොවන්නට ඇති බවට මතයක් ද වර්තමානයේ නිර්මාණය වී තිබෙනවා. කෙසේ වෙතත් ඉහළ සඳහන් කාරණා මෙන්ම පිරමීඩ සම්බන්ධයෙන් ඇති මතිමතාන්තර 100% ක් සත්‍ය යැයි ප්‍රකාශ කළ නොහැකි. තවමත් ලොව පුරා ඇති හරියටම විසඳා ගන්නට අපහසු ප්‍රශ්න අතරට ඊජිප්තුවේ පිරමීඩ ද එක්ව තිබෙනවා.
සටහන - අසින්සල පෙරේරා